පෙළගැස්ම

සික්ටා ඔබගේ නිවෙස් පිටුව කරගන්න

ගවේශණය

පුවත් වියමන

සික්ටා ගුවන්විදුලිය

අපේ සබඳකම්

කොළඹගම සංඛ නැණසල විද්‍යුත් පුස්ථකාලය  මගින් ආරම්භකර තිබෙන “සික්ටා” ආයතනයේ

වෙබ් කලාපය මෙය වේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ

කොළඹගම ග්‍රාම නිළධාරී වසමෙහි ශ්‍රී මියුගුණාරාම රාජ මහා විහාරස්ථානය කේන්‍ද්‍රව ක්‍රියාත්මක

වන “සංඛ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විද්‍යාපීඨය” පිළිබඳවත් අප ආයතනය (සික්ටා)

මගින් සිදුකරන සුවිශේෂි ක්‍රියාවන් පිළිබඳවත් මෙම වෙබ් අඩවිය ඔස්සේ ශ්‍රී ලාංකික ජනතාවට

අවබෝධකරගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බව අ‍ප සැමගේ අභිලාෂයයි.

 

සංඛ නැණසල විද්‍යුත් පුස්තකාලය ආරම්භකර මේ වන විට වසර 03කට ආසන්නව අඛණ්ඩව එහි කටයුතු පවත්වාගෙන යනු ලබයි. මේ සඳහා ප්‍රදේශයේ ජනතාවගේ මෙන්ම විහාරස්ථානය හා සම්බන්ධ සියළු දෙනාගේම කැපවීම හා උනන්දුව මහත් සේ යොමුකල බව ස්තිතු පූර්වකව සිහිපත් කල යුතුය. වසර තුනක දීර්ඝ ගමනක ප්‍රථිපලයක් ලෙස සංඛ නැණසල ආයතනය තම සේවාවන් වඩාත් පුළුල් ලෙස ජනතාවට ලංකර දීම සඳහා “ සංඛ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විද්‍යා පීඨය “ ආරම්භ කරන ලදි. වර්ථමානයේදී පරිගණක තාක්ෂණය හරහා ප්‍රදේශයේ ජනතාවට මෙම ආයතනය විශාල සේවයක් සිදුකරනු ලබයි. මේ වන විට ආයතනයේ දූ දරුවවන් විසින්ම සිංහල හඬ කවන ලද කාටූන් වැඩසටහන් පෙළක් සකස්කරමින් පවතින අතර, ඉදිරියේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ වඩාත් ඵලදායී තොරතුරු තාක්ෂණ පාසල බවට පත්කර ගැනීමට සැම දෙනාම එකමුතුව වැඩකරනු ලබයි.

 

සික්ටා සාමාජිකත්වය ලබන අය සඳහා මෙම කළාපයේ විශේෂාංග රාශියක් එකතුකර තිබෙන අතර ඕනෑම අයෙකුට නොමිලේ අපගේ සාමාජිකත්වය හිමිකරගත හැකිය.

ආයූබෝවන්

නම            :
රහස් පදය :